ජාවා ලෝකය











Java SE Downloads
ජාවා ලෝකය. Powered by Blogger.

Sunday, July 24, 2016

ජාවා යනු කුමක්ද?




පරිඝණක ක්‍රමලේඛන භාෂාවක් යනු කුමක්ද කියලා හදුනාගත්ත අපි දැන් බලමු අපි ඉගන ගන්න යන මේ ජාවා කියන්නේ මොකක්ද කියලා. කවුරුහරි පලමු ලිපිය කියෙව්වේ නැත්නම් පහත ලින්ක් එකෙන් ඒ ලිපිය කියවලා ඉන්න.

පරිඝණක ක්‍රමලේඛන භාෂාවක් යනු

හරි දැන් අපි බලමු මේ Java කියන්නේ මොකක්ද කියලා.  සරලව කිව්වොත් ජාවා කියන්නේ පරිඝණක ක්‍රමලේඛන භාෂාවක්.  මෙය 1995 වර්ෂයේදී "සන් මයික්‍රෝසිස්ටම්ස්" (Sun Microsystems) නමැති ආයතනය විසින් හදුන්වාදෙන ලද්දක්. මෙය C සහ C++ යන පරිගණක ක්‍රමලේඛණ හාෂා වලට සමානකම් දැක්වුවද ඊට වඩා වැඩි පහසුකම් අන්තර්ගත වෙනවා.

ජේම්ස් ගොස්ලිං (James Gosling), මයික් ෂෙරිඩන් (Mike Sheridan) සහ පැට්‍රික් නෝටන් (Patrick Naughton) යන අය ඇතුලු "ග්‍රීන් ටීම්" (Green Team) නමින් හැන්දින්වු කන්ඩායම 1991 ජූනි මාසය පමන වන විට "Green Project" ව්‍යපෘතිය ආරම්භ කළා. ඔහුන්ගේ මූලික අරමුණ වුනේ low cost, Hardware Independent Language එකක් C++ උපයෝගී කරගෙන සංවර්ධනය කිරීමයි. තාක්ෂණික ගැටළු මත එය අසාර්ථක උනත්  "ඕක්"(oak) නමින් තවත් ක්‍රමලේඛන භාෂාවක් සංවර්ධනය වුනා. ජේම්ස් ගොස්ලිං ගේ කාර්යාලය ඉදිරිපිට තිබූ "ඕක්" ගසක් එයට හේතු වූ බව සඳහන් වේ.මේ විදිහට ජාවා සංවර්ධනය වුනේ C++ වල තිබුනු සමහර ගුණාංග ඉවත් කරලයී

1994දී World Wide Web concept එක පැමිණීමත් සමඟ Oak, Java ලෙස නම් කෙරුණා. එය එවකට ජනප්‍රිය පද්ධති වෙනුවෙන් වියදම් රහිත භාෂාවක් ලෙස ප්‍රචලිත වුනා. එය 2010 ජනවාරි 27 වන දින සිට ඔරකල් ආයතනය විසින් අත්පත් කරගන්නා ලද මෙය අද  වන විට පරිගනක යෙදවුම් මෘදුකාංග (Computer Application Software) සැකසීමේ සිට වෙබ් යෙදවුම් (Web Application) දියුණු කිරීම දක්වා වූ පුළුල් පරාසයක ව්‍යප්ත වී තිබෙනවා.

ජාවාවල විශේෂතා කීපයක් අපිට දැකගන්න පුළුවන්.

  • Java is Platform Independent 
  • Java is Object-Oriented
  • Java is easy to learn
  • Java is small
  • Java is secure
  • Java is portable
මේකේ තියන පලවෙනි දේ තමයි ජාවා Platform Independent කියන එක. ඒ කියන්නේ Platform එක මත රදා පවතින්නේ නෑ. අපිට ඕනෑම මෙහෙයුම් පද්දතියකදී ජාවා වැඩසටහනක් ක්‍රියාත්මක කරගන්න පුළුවන්.
මේ හේතුව නිසා අපිට අපේ පරිගණකයේ ජාවා ස්ථාපනය කරගන්න අවශ්‍ය වෙනවා. ඊලග පාඩමෙන් බලමු වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය තුල ජාවා ස්ථාපනය  කරගන්නේ කොහොමද කියලා.


1 comment: