ජාවා ලෝකය











Java SE Downloads
ජාවා ලෝකය. Powered by Blogger.

Saturday, August 6, 2016

print හා println භාවිතය විසදුම් - 1



අප මෙහිදී print හා println භාවිතයෙන් අභ්‍යාස - 1 පාඩමේ විසදුම් පිලිබදව සාකච්ඡා කරමු. මෙතනදී සාකච්ඡා කරන්නේ ආදර්ශ විසදුම් බැවින් ඔබගේ ජාවා වැඩසටහන් වලින් මේවා වෙනස් වීමටද පුළුවන.


1. පහත output එක java statement එකක් පමණක් භාවිතයෙන් ලබාගන්න.

Hello Sri Lanka

විසදුම :- මෙය ඉතාමත් පහසුය. මෙහිදී භාවිතා කරන්නේ පළමු ජාවා වැඩසටහනයි. මෙහිදී අපට print හෝ println යන method දෙකෙන් ඕන එකක් භාවිතා කිරීමට පුළුවන.

 public class Answer11{  
   public static void main(String args[]){  
     System.out.print("Hello Sri Lanka");  
   }  
 }  

2. පහත output එක java statement දෙකක් පමණක් භාවිතයෙන් ලබාගන්න.

Sri Lanka

විසදුම :- මෙහිදී අනිවාර්යෙන්ම පළමු java statement එක ලෙස print භාවිතා කල යුතුය. දෙවන java statement එක සදහා print හෝ println භාවිතා කල හැක.


 public class Answer12{  
   public static void main(String args[]){  
     System.out.print("Sri ");  
     System.out.print("Lanka");  
   }  
 }  

3. පහත output එක java statement තුනක් පමණක් භාවිතයෙන් ලබාගන්න.

I
Love
Sri Lanka

විසදුම :- මෙහිදී අපට println method එක භාවිතා කල java statement තුනක් භාවිතා කල හැක.


 public class Answer13{  
   public static void main(String args[]){  
     System.out.println("I");  
     System.out.println("Love");  
     System.out.println("Sri Lanka");  
   }  
 }  

4. පහත output එක java statement එකක් පමණක් භාවිතයෙන් ලබාගන්න.

Here
we will learn
about the statement
in Java

විසදුම :- මෙහිදී අපට println හෝ print method භාවිතා කල හැක. මෙහිදී අලුත් line එකකට යාම සදහා හොදා ගන්නේ string එක ඉදිරියෙන් \n යන පදය ඇතුලත් කිරීමයි. තවද string දෙකක් එකට සම්බන්ධ කිරීම සදහා ධන ලකුණ භාවිතා කර ඇත.


 public class Answer14{  
   public static void main(String args[]){  
     System.out.print("Here" + "\nwe will learn" + "\nabout the statement" + "\nin Java");  
   }  
 }  

5. පහත output එක 24 භාවිතා නොකොට java statement එකක් පමණක් භාවිතයෙන් ලබාගන්න.

30 - 6 = 24

විසදුම :- මෙහිදීද print හෝ println යන method දෙකෙන් ඕනෑම එකක් භාවිතා කල හැකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ output එක ලෙස යොදාගනු ලබන දෙය number එකක් ලෙස හා string එකක් ලෙස ඇතුලත් කරන ආකාරයයි.
 

 public class Answer15{  
   public static void main(String args[]){  
     System.out.print("30 - 6 = " + (30-6));  
   }  
 }  

6. පහත output එක 15, 9, 36 හෝ 4 භාවිතා නොකොට java statement හතරක් පමණක් භාවිතයෙන් ලබාගන්න.

12 + 3 = 15
12 - 3 = 9
12 x 3 = 36
12 / 3 = 4

විසදුම :- මෙහිදී යොදාගත යුතු වන්නේ println යන method එකයි. තවද මෙහිදී maths operators කිහිපයක් භාවිතා කලයුතු අතර ඒවා අපි ඉදිරියේදී වැඩිදුර ඉගනගනිමු. මෙහිදී යොදාගනු ලබන්නේ පහත සදහන්
maths operators කීපයයි.

එකතු කිරීම සදහා   +
අඩු කිරීම සදහා       -
ගුණ කිරීම සදහා     *
බෙදීම සදහා           /

 public class Answer16{  
   public static void main(String args[]){  
     System.out.println("12 + 3 = " + (12 + 3));  
     System.out.println("12 - 3 = " + (12 - 3));  
     System.out.println("12 x 3 = " + (12 * 3));  
     System.out.println("12 / 3 = " + (12 / 3));  
   }  
 }  

7. පහත output එක 15, 9, 36 හෝ 4 භාවිතා නොකොට java statement එකක් පමණක් භාවිතයෙන් ලබාගන්න.

12 + 3 = 15
12 - 3 = 9
12 x 3 = 36
12 / 3 = 4

විසදුම :- මෙහිදී අපට println හෝ print method යන දෙකෙන් ඕනෑම එකක් යොදා ගත හැකි අතර \n භාවිතයෙන් output එක සකස් කරගනු ලබයි.

 
 public class Answer17{  
   public static void main(String args[]){  
     System.out.print("12 + 3 = " + (12 + 3) + "\n12 - 3 = " + (12 - 3) + "\n12 x 3 = " + (12 * 3) + "\n12 / 3 = " + (12 / 3));  
   }  
 }  

ඊලග පාඩමෙන් අපි Variables හා Data Types ගැන අධ්‍යනය කරමු.



2 comments:

  1. ගොඩක් වැතගත් වෙයි මේක තොරතුරු තාක්ෂණවේදීන්ට. දිගටම හොඳින් කරගෙන යන්න බ්ලොග් එක. මගෙනුත් සුබපැතුම්.

    ReplyDelete