ජාවා ලෝකය











Java SE Downloads
ජාවා ලෝකය. Powered by Blogger.

Friday, August 5, 2016

print හා println හදුනාගනිමු.



ඔන්න අපි අපේ පළමු ජාවා වැඩසටහන ලියල එක Run කරගෙනත් ඉවරයි. ඒ විතරක් නෙවෙයි එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය ගැන කතා කරලත් ඉවරයි.

එකේදී අපි කලේ යම් කිසි Output එකක් CMD එක මත දර්ශනය කරගැනීම. මෙතනදී අපි යොදාගත්තේ print කියන method එක.

අපි ඉස්සෙල්ලා පාඩමේ දී කතා කලා print( ) කියන method එකේ වරහන තුලට යම් කිසි දෙයක් ඇතුල් කළාම ඒ ඇතුල් කරපු දෙය CMD එක තුලින් බලන්න පුලුවන් කියලා.

හරි දැන් එහෙනම් පොඩ්ඩක් හිතන්න Hello World කියන වචනය වෙනුවට JAVA කියන වචනේ Output එකක් විදිහට ලබාගන්න හැටි.

මේකට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. System.out.print("Hello World"); වෙනුවට System.out.print("JAVA"); කියන එක ලබාදෙන්න. එතකොට අපේ වැඩසටහන මෙන්න මේ වගේ වේවි.

 public class HelloWorld{  
      public static void main(String args[]){  
           System.out.print("JAVA");  
      }  
 }   

හරි දැන් අපි ඊලගට බලමු string එකක් වෙනුවට number එකක් ලබාදීලා. මෙතනදී " " යොදා ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ නෑ.

 public class HelloWorld{  
      public static void main(String args[]){  
           System.out.print(25);  
      }  
 }  

දැන් ඔබට 25 යනුවෙන් output එකක් ලැබිලා ඇති. දැන් අපි බලමු 25 වෙනුවට 25 + 5 යනුවෙන් ලබා දීලා.

 public class HelloWorld{  
      public static void main(String args[]){  
           System.out.print(25 + 5);  
      }  
 }   

මෙහි ඇති + ලකුණ වැනි ඒවා අපි Arithmetic operators ලෙස හදුන්වනු ලබනවා. එකෙදී ඔබට 30 යනුවෙන් Output එකක් ලැබිලා ඇති. දැන් අපි බලමු 25 + 5 කියන එකම output එකක් විදිහට ලබාගන්නා හැටි.

 public class HelloWorld{  
      public static void main(String args[]){  
           System.out.print("25 + 5");  
      }  
 }   

හරි දැන් 25 + 5 යනුවෙන් output එකක් ලැබිලා ඇති. දැන් අපි පොඩ්ඩක් හිතමු. System.out.print( ); කියන statement එක තුන් වතාවක් ඇතුල් කලා කියලා මෙන්න මේ විදිහට

 public class HelloWorld{  
      public static void main(String args[]){  
           System.out.print("Welcome");  
           System.out.print("Java lokaya");  
           System.out.print("Sri lanka");  
      }  
 }   

මෙන්න මේ වගේ එකක් නේද ලැබුනේ

WelcomeJava lokayaSri lanka

මෙහෙම වෙන්නේ print කියන method එකේදී අන්තිමට අලුත් ලයින් එකට ගමන් නොකිරීමයි. මේ සදහා print method එක වෙනුවට println method එක භාවිතා කරන්න පුලුවන්. දැන් අපි print වෙනුවට println භාවිතා කරමු.

 public class HelloWorld{  
      public static void main(String args[]){  
           System.out.println("Welcome");  
           System.out.println("Java lokaya");  
           System.out.println("Sri lanka");  
      }  
 }   

එතකොට අපේ වැඩසටහන මෙන්න මේ වගේ තියෙවි. දැන් වැඩසටහන Run කලවිට

Welcome
Java lokaya
Sri lanka 

ලෙස ලැබේවි. මෙසේ සිදු වන්නේ println මගින් Output එක ලබා දීමෙන් අනතුරුව එය නව line එකකට ගමන් කිරීමයි.

ඊලගට අපි බලමු එක් statement එකක් පමණක් භාවිතා කරමින් ඉහත ආකාරයේ output එකක් ලබාගන්නා ආකාරය. මෙහිදී අපිට print හෝ println යන method දෙකෙන් ඕනෑම එකක් භාවිතා කරන්න පුලුවන්.

 public class HelloWorld{  
      public static void main(String args[]){  
           System.out.print("Welcome"+"\nJava lokaya"+"\nSri lanka");  
      }  
 }   

ඉස්සෙල්ලා වගේම output එකක් අවා නේද? මෙහිදී \n මගින් සිදු වන්නේ අලුත් ලයින් එකකට ගමන් කරවීමයි. තවද + ලකුණ string දෙකක් සම්බන්ධ කිරීමට යොදාගන්නවා.

අපි ඊලග පාඩමෙන් print හා println method භාවිතයෙන් අභ්‍යාස කිහිපයක් සලකා බලමු.



0 comments:

Post a Comment