ජාවා ලෝකය











Java SE Downloads
ජාවා ලෝකය. Powered by Blogger.

Sunday, August 7, 2016

Variables හා Data Types



අප මෙම පාඩමේදී බලමු ඕනෑම පරිගණක ක්‍රමලේඛන භාෂාවක ප්‍රධාන සංකල්පයක් වන විචල්‍යයන් හෙවත් Variable පිලිබදව.

අප මුලින්ම Variable එකක් කියන්නේ මොකක්ද කියලා සරලව අවබෝධ කරගමු. මතකද පාසලේදී මේ වගේ සමීකරණ විසදුවා.

Y = X + 5

මෙහිදී අපට X සදහා විවිධ අගයන් ආදේශ කිරීමෙන් Y සදහා අගයන් ලබාගන්න පුළුවන්. මෙන්න මේ වගේ.

X = 3 විට Y = 8 ,
X = 1.5 විට Y = 6.5 ,
X = -2.5 විට Y = 2.5 ,

මෙහිදී X අපි විචල්‍යයක් හෙවත් Variable එකක් ලෙස හදුන්වනු ලබනවා. පරිගණක වැඩසටහනක් ලිවීමේදී මේ ආකාරයේ Variables යොදාගනු ලබන්නේ එම වැඩසටහනක් ක්‍රියාත්මක වන විට පරිගනකයේ Ram මතකය එක තුල දත්ත ගබඩා කිරීම සදහා යම් ඉඩක් වෙන් කරගැනීමටය. මෙය අපි Data Store කිරීම ලෙස හදුන්වනු ලබනවා. දැන් අපි පොඩ්ඩක් බලමු පරිගණකය තුල Data Store කරගනු ලබන ආකාරය.

පරිගණකය තුල Data Store කිරීම

පරිගණකය තුල දත්ත ගබඩා කිරීම සිදුවන්නේ 2 පාදයේ සංඛ්‍යා වලිනි. එනම් 0 1 යන සංඛ්‍යා භාවිතයෙනි. මෙහිදී Data Store කරන කුඩාම ඒකකය bit ලෙස හදුන්වනු ලබනවා.
  • 8 bit = 1 byte
  • 1024 bytes = 1 kilo byte (KB)
  • 1024 KB = 1 mega byte (MB)
  • 1024 MB = 1 giga byte (GB)
  • 1024 GB = 1 tera byte(TB)
 මේ 2016 වර්ෂය නිසා සමහර විට ඔබේ RAM එක 2 GB, 4 GB, 8 GB, 16GB වෙන්න පුළුවන්.

අපට කුඩා  Data ප්‍රමාණයක් පරිගණකයේ RAM මතකයන් තුල Store කරගැනීමට කුඩා ඉඩ ප්‍රමාණයකුත්,
විශාල Data ප්‍රමාණයක් පරිගණකයේ RAM මතකයන් තුල Store කරගැනීමට විශාල ඉඩ ප්‍රමාණයකුත් යොදාගනු ලබනවා. මෙසේ පරිගණකයේ RAM මතකය අවශ්‍ය ප්‍රමාණයට වෙන් කරගැනීම සදහා අපි Data Type යොදාගනු ලබනවා.

Data Types හදුනාගනිමු


ඉහත රුපයේ දක්වෙන්නේ Data Type වර්ගීකරණය සිදුකරනු ලබන ආකාරයයි. මුලින්ම Data Types Primitive හා  Non-Primitive යනුවෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඔය String, Array වගේ ඒවා අයිති වෙන්නේ Non-Primitive කියන කොටසට. පහත දැක්වෙන්නේ ජාවා හි භාවිතා කරන Primitive Data Types පිළිබද විස්තරයි.

Data TypeRAM එකේ වෙන් කර ගන්නා ඉඩගබඩා කල හැකි දත්ත පරාසය
byte8 bits-128 සිට 127 දක්වා
short16 bits-32,768 සිට 32,767 දක්වා
int32 bits-231 සිට 231-1 දක්වා
long64 bits-263 සිට 263-1 දක්වා
float32 bitsදශමස්ථාන 6 කට නිවැරදිව සංඛ්‍යාවක් රදවන්න පුලුවන්
double64 bitsදශමස්ථාන 15 කට නිවැරදිව සංඛ්‍යාවක් රදවන්න පුලුවන්
char16 bits'\u0000' (හෝ 0) සහ '\uffff' (හෝ 65,535 ඇතුලත්ව) අතර ඇති ඕනෑම UNICODE සංඛේතයක්.
boolean1 bittrue හෝ false (සත්‍ය වශයෙන් 1 හෝ 0) අගයන් 2න් එකක්

 ඊට පසුව අපි කතා කරමු ජාවා වලදී මෙම Variables සටහන් කරගනු ලබන ආකාරය හෙවත් Variable Declaration ගැන

Variable Declaration

ජාවා වල යම් Variable එකක් Declare කිරීමේදී ඒ සදහා සම්මත ක්‍රමයක් හෙවත් Syntax එකක් තිබෙනවා. පහත තිබෙන්නේ ජාවා හි භාවිතා කරන Variable Declaration Syntax එක.
 <data_type> <identifier>;  
මෙහිදී <data_type> එක යනු ඉහතදී හදුන්වා දුන් Data Type එකයි. <identifier> එක යනු Variable එක සදහා යොදාගනු ලබන සංකේතයයි. මෙය හරියට අපි මුලදී භාවිතා කලා X , Y වගේ එකක්. අපට identifier එකක් ලෙස අකුරු පමණක් නොව වචනද භාවිතා කරන්න පුළුවන්.
උදාහරණයක් ලෙස num1 කියන එක identifier එකක් ලෙස භාවිතා කර int එකක් Declare කරමු.
 int num1;  
ඉදිරි පාඩම් වලදී මේ විදිහට Variable Declare කරන ආකාරය වැඩි දුරටත් සලකා බලමු. 

3 comments:

  1. මුලින්ම කොමෙන්ට් නොවැටේ වී, කියවන පිරිස එක් කෙනෙක් දෙන්නෙක් වේවි. සමහරවිට ඔබ පමණක් වේවි. නමුත් අධෛයර්්‍යමත් නොවී දිගටම ලියන්න. දවසක ඔබේ පෝස්ටුවක් වැටෙන තෙක් බලා සිටිනා බොහෝ පිරිසක් ඉදීවී. ජය.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම සහොදරයා

      Delete
    2. බොහෝම ස්තුතියි දිරිමත් කිරීමට

      Delete